සුදු පාට වළාකුලු වල ගෑවී නොගෑවී
නිල් පාට අහසේ ඈතටම පියාඹන
කුරුලු රoචුව රටා මවන
විදිහ
දිහා බලාගෙන,
හිතුවෙමි......
හිරුත් සමගම පිබිදිලා
මියුරු සoගීතයෙන්
ලොවම පුබුදු කරවන්නට,
ගහේම ඉදෙන පළතුරු වල
රස විඳින්නට,
කෙත් වතු, වෙල් යායවල් මැදින්
ඒ සුවඳ අරන් යන්නට,
ඒ දර්ෂණ වල සුන්දරත්වය
නරඹන්නට,
සීතල සුළo තටුවල වැදෙමින්
රිoගන විට පිහාටු අතරින්
දැනෙන සැහැල්ලු බව විඳගන්නට...
කොච්චර වාසනාවන්තද මo,
කිරිල්ලියක වී ඉපදුන...
කොළ පාට හබරල පඳුරක
මහලු වී වියැලුන
බිමට නැවුනු කහපාට
කොලයක් යට හැoගිලා
හිරු අවරට යන විදිහ බලාගෙන
හිතුවෙමී...
විඳින්න අවසර තිබුණ මුත්
විඳ නැති ඒ සියල්ල
විඳගන්න සිත් සේ
කෙදිනකවත් නොහැකි බව
තහවුරු නම්,
එය විඳින අන් අයගෙ
සතුට බලාඉන්නට
පමණක් උරුම වුන
කිරිල්ලියක,
කොච්චර අවාසනාවන්තද මo
තටු අහිමි වුනේ,
උපතින්ම නම්.....
sodhuru nirmanayak........
ReplyDeleteසොඳුරු නිර්මාණයක්
ReplyDeleteකිරිල්ලිය අවාසනාවන්ත කම ගැන හිතන්නේ එයාගේ කොණයෙන් විතරක් බලලනේ- (ඒත් අපි හැමොම හුගක් වෙලාවට එදිනෙදා ජීවිතයෙදි සිදුවීමවලදිත් මේ වැරැද්දම කරනවා හැබැයි!) සමහර විට මේ තටු නැති බව තටු තියෙනවට වඩා හොද වෙන්නත් පුළුවන්!
(ඒ වගේම බ්ලොග් එකත් ලස්සනයි( කැන්ඩි ලුකින්!))
sthuuthii mithuree...
ReplyDeleteඇත්තට එහෙම වෙන්නත් පුලුවන්.. ඒත්.....තටු නැති කිරිල්ලියක් අස්වාභාවිකයි. එයා නිතරම සමාජයේ කොන් වෙනවා.එහෙම නැද්ද?
ReplyDelete