අඳුරු වූ රැයේ, කියනු මා මෙසේ
ඇයිද හැරගියේ...
නිමල වූ ඔබේ, පිරුණු ආදරේ
කොහෙද සැඟවුන්නේ...
සිදුරු වූ සිතේ, වියරු වු දුකේ
හද පුරාවට නැගේ...
කඳුලු වූ මගේ, පැතුම් මීදුමේ
බොඳවෙලා ගියේ...
කුරිරු වු ප්‍රියේ, කියමි මා කෙසේ
සොයමි ජීවිතේ...
සිහින වූ අපේ, බිඳුනු ඒ සෙනේ
යදිමි මා මෙසේ...
මිලින වූ සඳේ, සයුරු තෙර ඉමේ
පිය සටහන් මැකේ...
පද පෙලනම් ඇත්තටම සංවේදී..
ReplyDeleteඅනේ ඇහැට අමාරුයි මේ තීම් එක...
අනිත් හැමදෙයක්මත් හදල තියෙන්නෙ තීම් එකට ගැලපෙන්න.තීම් එක වෙනස් කලොත් ඔක්කොම වෙනස් කරන්න වෙනවනේ... මීට වඩා හොඳ තීම් එකක් නෑනේ...
ReplyDelete