I made this widget at MyFlashFetish.com.

Sunday, March 23, 2014

මතක මo  පෙත පුරා,






මතක මo  පෙත පුරා,
හිත මගේ සැරි සරනවා..
ඔබෙ මතක පොද සොය සොයා,
වියළි කතරක තනි වුනා...


පාලු මූසල රැය නිමා,
නැගෙන හිරු මා දවනවා..
ඔබේ දෑතේ පහස සීතල,
දැනෙන බව මට හැඟෙනවා..


නිහඬ දෙතොලේ රැඳුනු වචනය,
ප්‍රෙහෙළිකාවක සිර වෙලා..
පොරොන්දුව ළඟ අසරණ වෙලා,
ජීවිතය පණ යදිනවා...

Monday, August 27, 2012

විවාහ සහතිකය...

හීත උදෑසනක
නැකතටත් කලින්
ගත වෙව්ලපු තරම,
හිත මියගිය දවස...
අමතකත් නැති
එහෙත්,
මතකයෙත් නැති
සිහිනයක් බඳු,
සිහිනයක් බිඳි...

වාසගම නම
කියාගත්තත්,
රැකියාව මහ
ප්‍රෙහෙළිකාවක්,
පිතු එදා ගොත
වූ වතාවක්...
පොහොසත් නැතත්
හිතවත් එවුන්,
අත්සන් කළත්
මදහස් මවන්,
මොනවා කරන්නද
අපි වෙන් වුනත්...

අතටම දියවෙච්ච
හඳහන් කේන්දර
තැන් තැන් වල පෝළිම් වල
එළිවෙන්නත් පාන්දර
වැටහෙන නොවැටහෙන
බොරු හෝ ඇත්ත
හිත හදාගමු මෙහෙම
අපගේ අවාසනාව...

නොගැළපෙන හිත්
ගළපනු හැකිද,
දික්කසාදයට
සහතික නැතිද,
"බැන්දා" හoවඩු
නැතිවී යයිද,
කඩදාසියකි එය
මටනම් තවම...

Saturday, February 18, 2012

සමුදෙන්නත් කලින්...


සමුදෙන්නත් කලින්
ඔබ යන්න ගිහින්
කඳුලකට හොරෙන්
බැහැ හඬනු සිතින්..

දවසකටත් දුරින්
ඔබ ඈතයි ගතින්
සැමදා සිහිනෙන්
මම එන්නම් හිඳින්..

හැම මොහොතක් පවා
මා සිහිවෙයි කියා
ඔබ කිව්වේ එදා
එය ඇත්තයි සදා..

ළඟ ඉන්න යළිත්
මම පතමි හෙටත්
සිනහව, කඳුලත්
මට ඔබයි පණත්..

දුක් විඳින තරම්
අප දෙතැන ඉඳන්
එය දැනෙන සැනින්
යළි එන්න ඉතිo...

Sunday, February 5, 2012

නොපවතින දෙයකි මතූ...

මල් අසල සැරිසරන
රොන් සොයන බඹරුනට
පැහැය ගඳ සුවඳ වැනි
කුමකටද මලක හැටි...

ආලය නමින් හිඟන
අහිoසක සිත් සමඟ
රඟන වනචර කාම යකුනට
රැවටෙනුද ඇයි දැන දැනම...

මුදලට හැම දෙයම යට
ගත නොහැකි දෙයක් නැත
සිත් හැඟුමන් වහල් කර
මුදල රජවෙයි සෑම විට...

දිවිපුරා සිහින සැදූ
පරම පෙම පෙරුම් පිරූ
ක්ෂිතිජය ලෙසින් දුටූ
නොපවතින දෙයකි මතූ...

Wednesday, December 28, 2011

හදටත් නොදැනීම...

ගලා හැලුනි බිඳු
කඳුලු කැට පොඩි,
නෙතට නොදැනීම...
පසු කර ඇවිත්
ගව් ගණන් දුර,
දෙපය නොදැනීම...
ගෙවී ගොස් ඇත
දින සති මාස,
ලොවට නොදැනීම...
හැරදා ගිහිo
මා පෙර ලෙසින්,
හදටත් නොදැනීම...

Saturday, September 3, 2011

මගේ ළඟ ඉඩ තියෙනවා..


හමුවෙලා යහලුවන් මගතොට
මගෙන් නුඹ ගැන අහනවා
සිහිවෙලා නුඹ නෙතින් වෑහෙන
කඳුලු බිඳු මම ගනිනවා..

මගේ කඳුලට සාප කර කර
ඔයා තව උඩ පනිනවා
ඇයත් නුඹ හැර ගියපු දවසක
ඔයත් මේ දුක විඳිනවා..

ජීවිතේ ඔය දෑත් මත තැබු
මගේ සිත ඔබ දන්නවා
ඔයා ඒ හිත මත්තෙ මැරුනට
ඔයා ගැන මම හොයනවා..

එයා ඔය හිත රැවැට්ටුව බව
ඔයා අද හෙට දකිනවා
ඇයගෙ ඇසුරෙන් මිදුනු දවසක
මගේ ළඟ ඉඩ තියෙනවා..

ඒ....


මගෙ නෙතු පියවෙන්නෙ නෑ
 ඒ,
සිහිනය ඔබ නිසාම...
සිත එක් තැන් වෙන්නෙ නෑ
ඒ,
සිත ඔබ ළඟ නිසාම...
මුලු ලොව අදහන්නෙ නෑ
ඒ,
අප හමුවුන සොබහව...
මගෙ භය අඩු වෙන්නෙ නෑ
ඒ,
ඔබ මගෙ පණ නිසාම...