I made this widget at MyFlashFetish.com.

Wednesday, November 10, 2010

හිරු නැති ලොව...


බින්දු බින්දු එකතුවෙලානම් ගඟක් හදෙන්නෙ,
ඒ ගඟට ඒ හැම බින්දුවක්ම ගොඩක් වැදගත්...
පෙත්ත පෙත්ත එකතුවෙලානම් මලක් හැදෙන්නෙ,
ඒ මලට ඒ හැම පෙත්තක්ම ගොඩක් වැදගත්...
තනිවෙන හැම මොහොතකම,
මගෙ සිතුවිලි ඔයාව හොයාගෙන එන්න හදන්නෙ,
තවමත් මට වදගත්ම දේ ඔයාම විතරයි කියන්න...
ඔයාගෙ සුවඳ දැනෙන හැම මොහොතකම,
මතකය මගෙ අවදානය පැහැරගන්නෙ,
ජීවිතයටත් කල්දාලයි...

මේ ලෝකය හිරු වටේට කැරකෙන බව දන්නවා,
හඳට පයතිබ්බත් හිරුට ලන් වෙන්නවත් බැරි,
දුර නිසාම නෙමෙයි,
හිරු නිතරම ගිනිඅරන් දැවෙන නිසයි..
හඳේ සිසිලස ගැන වර්ණනා කරන්න හඳේ කාන්තිය යට ඉඳගෙන..
හිරුගෙ චන්ඩ ගිනි රැස් හමුවේ
දන්නවා....,
ගොඩක් දේවල් යටපත් කියලා....
හිරු දිහා කෙලින් බලන්න බැරිවුනත්,
හිරුට ආදරේ කරන අයත් ලෝකෙ ඉන්නවා...
තේරුම් ගත්තත් නැතත්,
හිරු නැති ලොවකුත්, ඔබ නැති මමත් පවතින්නෑ...

No comments:

Post a Comment