I made this widget at MyFlashFetish.com.

Monday, November 15, 2010

උත්සහ කලේ....


ගීතයක්..... අර්ථවත් වගේම එයට මිහිරි වාදනයක්, ගැළපෙන තනුවක් සහ සුන්දර වචනත් එක් වුනාම,ඒ ගීතය ලස්සනම ගීතයක් වේවි.
ආහාරයකට.... අවශ්ය කරන සියළුම රසකාරක නිසිලෙස, ප්‍රමාණවත් ආකාරයට එකතු කරගෙන එය රසවත්ම ආහාරයක් කරගන්න පුලුවන්.
චිත්‍රයකට..... පසුබිම, ත්‍රිමාණ බව සහ වර්ණ ගැලපීම වගේම නිර්මාණශීලිත්වයත් ඒ චිත්‍රයේ අලoකාරයට වැදගත්ම සාධකයක්.
ලෝකෙ ඕනම දෙයකට මේ ආකාරයට යම් කුඩා හෝ දෙයක්, නිදසුන් විදිහට අර්ථයක්, වටිනාකමක්, වර්ණයක්, සුලබත්වය හෝ දුලබත්වය ආදී විදිහට මොනම හෝ යම් දෙයක් උරුම වෙලා තියෙනවා.
ඒ වගේම යම් පුද්ගලයෙකුටත් බලාපොරොත්තුවක්, උගත්කම, නීරෝගීකම,
ධනවත්කම ආදී විදිහට ඒ ඒ පුද්ගලයන්ටත් මොනවම හෝ  උරුම වෙලා ඇති. ඒ දේවල්  ඒ පුද්ගලයන්ට ජීවත්වීම ගැන ආශාවක් ඇති කරනවා නොවේද...?
ඉතිo මෙච්චර දේවල් කියලා ඔයාට පෙන්නල දෙන්න, තේරුම්කරවන්න උත්සහ කලේ, මගේ ජීවිතේ මේ දේවල් වලට සමාන කලොත්... ඒ තුල තියෙන සුන්දරම, රසවත්ම, ලස්සනම සහ මට ජීවත් වීමට ආශාවක් ඇතිකරන එකම දේ වෙන මුකුත් නොවෙයි, ඒ..... ඔයාගෙ අවoක පිවිතුරු ආදරය බව....
                         (හැර දා ගිය මගේ පෙම්වතාට ලියපු ලියුමක්...)

12 comments:

  1. මමනම් හිනන්නෙ ජීවිතයට තියෙන ලොකුම වටිනාකම තමයි ආත්ම විශ්වාසය. ඒක නැතිවුනොත් ජීවිතය හරියට හබල නැති රුවල වගෙ කාටත් ඵලක් නැති වෙනවා. බැදීම් කියන දේ හරිම තාවකාලිකයි. අපි මේ ලෝකෙට ආවා වගේම කවද හරි යන්නත් ඕන, එතකොට ඒ බැදීම් අරං යන්න බෑ. ඉන්න ටික කාලෙ ජීවිතවට ආදරය ඕන තමයි. ඉතින්
    පුලුවන්නම් මුලු ලෝකයටම ආදරය කරල බලන්න.ලෝකයෙන්ම ආදරය පෙරලා ඔබට ලැබේවි.මොකද ආදරය අපිව රිදෙව්වට එච්චරම අකාරුණික නෑ.

    ReplyDelete
  2. හ්ම්...... දැන් ලෝකයෙන් ඇත්තම ආදරයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද යාළු ..?

    ReplyDelete
  3. ඇහුවට කමක් නැද්ද මන්දා ඇයි ඉතින් එයා අක්කව දාල ගියේ

    ReplyDelete
  4. එයාගෙන්ම තමයි අහන්න ඕනෙ.. එයාගෙ සැකය සහ අවිශ්වාසය අපිව වෙන් කලා.

    ReplyDelete
  5. ඔහු අවිසනාවන්තයි ඔයාගෙ ආදරය නොලබන්න තරම්

    ReplyDelete
  6. ඔයාට ඇත්තටම ආදරය කරන කෙනෙක් ලැබෙයි කවදා හරි මොකද ඔයාගෙ ඔය ආදරය පිවිතුරුයි.ඔයාව හොදට තේරුම් ගත්ත ඔයාට එයාටත් වැඩියෙන් ආදරය කරන කෙනෙක් ඔයාව හොයාගෙන එයි බලන්න....

    ReplyDelete
  7. ඒත් මo ආදරේ එයටමයි...

    ReplyDelete
  8. ඉතින් එයා ඔයාව දාල ගිහිල්ලත් ඔයා තාම එයා ගැන හිතන්නේ එයාගෙ වැරැද්දක් නැති නිසා වෙන්න ඇතිනේ. එහෙම නැතුව වැරැද්දත් එයාගෙම නම් ඇයි තවත් එයා ගැන හිතන්නේ

    ReplyDelete
  9. මo එයාට ඇත්තටම ආදරේ කරපු නිසයි..

    ReplyDelete
  10. ආදරය කියන්නෙ,වේදනාවක් විතරයි කොච්චර හදවතට ලන්වෙලා ආදරය කලත් අවසානයේ එහි තියන්නෙ කදුලු සහ වේදනාවන් විතරයි

    ReplyDelete