I made this widget at MyFlashFetish.com.

Saturday, February 18, 2012

සමුදෙන්නත් කලින්...


සමුදෙන්නත් කලින්
ඔබ යන්න ගිහින්
කඳුලකට හොරෙන්
බැහැ හඬනු සිතින්..

දවසකටත් දුරින්
ඔබ ඈතයි ගතින්
සැමදා සිහිනෙන්
මම එන්නම් හිඳින්..

හැම මොහොතක් පවා
මා සිහිවෙයි කියා
ඔබ කිව්වේ එදා
එය ඇත්තයි සදා..

ළඟ ඉන්න යළිත්
මම පතමි හෙටත්
සිනහව, කඳුලත්
මට ඔබයි පණත්..

දුක් විඳින තරම්
අප දෙතැන ඉඳන්
එය දැනෙන සැනින්
යළි එන්න ඉතිo...

3 comments: