හීත උදෑසනක
නැකතටත් කලින්
ගත වෙව්ලපු තරම,
හිත මියගිය දවස...
අමතකත් නැති
එහෙත්,
මතකයෙත් නැති
සිහිනයක් බඳු,
සිහිනයක් බිඳි...
වාසගම නම
කියාගත්තත්,
රැකියාව මහ
ප්‍රෙහෙළිකාවක්,
පිතු එදා ගොත
වූ වතාවක්...
පොහොසත් නැතත්
හිතවත් එවුන්,
අත්සන් කළත්
මදහස් මවන්,
මොනවා කරන්නද
අපි වෙන් වුනත්...
අතටම දියවෙච්ච
හඳහන් කේන්දර
තැන් තැන් වල පෝළිම් වල
එළිවෙන්නත් පාන්දර
වැටහෙන නොවැටහෙන
බොරු හෝ ඇත්ත
හිත හදාගමු මෙහෙම
අපගේ අවාසනාව...
නොගැළපෙන හිත්
ගළපනු හැකිද,
දික්කසාදයට
සහතික නැතිද,
"බැන්දා" හoවඩු
නැතිවී යයිද,
කඩදාසියකි එය
මටනම් තවම...
නැකතටත් කලින්
ගත වෙව්ලපු තරම,
හිත මියගිය දවස...
අමතකත් නැති
එහෙත්,
මතකයෙත් නැති
සිහිනයක් බඳු,
සිහිනයක් බිඳි...
වාසගම නම
කියාගත්තත්,
රැකියාව මහ
ප්‍රෙහෙළිකාවක්,
පිතු එදා ගොත
වූ වතාවක්...
පොහොසත් නැතත්
හිතවත් එවුන්,
අත්සන් කළත්
මදහස් මවන්,
මොනවා කරන්නද
අපි වෙන් වුනත්...
අතටම දියවෙච්ච
හඳහන් කේන්දර
තැන් තැන් වල පෝළිම් වල
එළිවෙන්නත් පාන්දර
වැටහෙන නොවැටහෙන
බොරු හෝ ඇත්ත
හිත හදාගමු මෙහෙම
අපගේ අවාසනාව...
නොගැළපෙන හිත්
ගළපනු හැකිද,
දික්කසාදයට
සහතික නැතිද,
"බැන්දා" හoවඩු
නැතිවී යයිද,
කඩදාසියකි එය
මටනම් තවම...
තුශී සෑහෙන කාලෙකින්.. ලස්සන කවි පෙලක්..
ReplyDeleteසහතික ඇත්ත. නොගැලපෙන හිත කොහොම ගලපන්නද ඔය කොළ කෑල්ලකින්..ලස්සන පද ටිකක්
ReplyDeleteබොහොම ස්තූතියි දිනේෂ් අයියේ..
ReplyDeleteබොහොම ස්තූතියි ළිහිණි... :)
ReplyDelete