ඔසු උයනක් සේ මා සුවපත් කල,
ඔබමද...
විශ බඳුනක් සේ මා අඩපණ කලේ,
පුදුමයි මට තවම...
සුසුම් පොදක් ලෙසින් මා සැනසූ,
ඔබමද...
කඳුලු බිඳක් ලෙසින් මා හඬවන්නේ,
පුදුමයි මට තවම...
මල් පෙත්තක් මෙන් මා හද නොතැලූ,
ඔබමද...
ගල් පොත්තක් මෙන් මා හද තැලුවේ,
පුදුමයි මට තවම...
මා නොමැති මොහොතක රැඳෙන්න බැරිවුන,
ඔබමද...
අමතක කරන්නටත් වෙර දරන්න්නේ,
පුදුමයි මට තවම...
"ඔයා මගෙ හැමදේමයි" කියාපු,
ඔබමද...
"මට පාඩුවේ ඉන්න දෙන්නයි" කියන්නෙ,
පුදුමයි මට තවම...
කවදාවත් බොරුවක් නොකියන,
ඔයාමද...
ආදරේ නමින් බොරුවක් කලේ,
පුදුමයි මට තවම...
පුලුවන් හැම විදිහෙන්ම මට රිද්දන,
ඔයාටද...
අදටත් මම ආදරේ කරන්නේ,
පුදුමයි මන්ගැනම මට....
nice poetry sis, keep it up!
ReplyDeletealso life has no definition, the definition is which you made your life and what you miss in your life.
i invite you to my blog
http://sonduruminisa.blogspot.com/
thank you..
ReplyDeleteහරිම ලස්සන නිර්මාණයක් අක්කේ...
ReplyDeleteබොහොම ස්තූතියි.... :)
ReplyDelete