මගෙ සතුටට ඔබ වෙහෙසක් දරන්නැතී...
පිළිගන්නවද,
මා වෙතිනුත් ඔබ සතුටක් ලබපු බව...
මo වෙනුවෙන් ඔබ දවසක් හඬන්නැතී...
පිළිගන්නවද,
ඔබ වෙනුවෙන් මo තාමත් හඬන බව...
හිත රළු බව ඔබගේ මට දැනෙන්නැතී...
පිළිගන්නවද,
විඳ විඳ එය මo ඔබ ළඟ සිටිය බව...
ලොවක් තරම් ඔබ මට පෙම් කරන්නැතී...
පිළිගන්නවද,
මගෙ දිවියේ පෙම් ලෝකය ඔබම බව...
දුර ඇදුනේ හැමදාටම වෙන්න ඇතී...
පිළිගන්නවද,
මට තාමත් එය කෙරුමට නොහැකි බව....
No comments:
Post a Comment