මුවහත් කරන් ඔබ ළඟ ඇති කේන්තියේ
පවසා තියුණු පිහිතුඩ වැනි වදන් මුවේ
නොතකා කඳුලු වැල් අතරින් සිදුරු කලේ
ඔබ වෙනුවෙන් ගැහෙනා හද නොවෙද මගේ...
විසුණු කළා පමණද ඒ ලොවම අපේ
රැගෙන ගියේ ඇයි සිනහව පවා මගේ
පෙනුනත් නෙතට ඔබ කරනා සියලුම දේ
අන්ධයි මගේ හිත තාමත් එදා වගේ...
යන්නත් කලින් උණුහුම ඒ වගේද
ඔබ වෙන කෙනෙක් ගැන සිතුවේ කෙසේද
දහසක් වැරදි සොයමින් පටවලාද
මා හැර ගියේ හේතුව ඇය නිසාද...
නෙතට කඳුලු නෑ තවනම් ගලන්න
සිතට තවත් නම් බෑ යළි සිතන්න
ගිනිදැල් නැගෙන හදවත මගෙ නිවෙන්න
ඔබ ඇය සමඟ සදා තුටින් හිඳින්න...
No comments:
Post a Comment