නෙත් තිබුණත් දැකගන්න බැරී...
අත් තිබුණත් අල්ලන්න බැරී...
මිනුම් වලින් මැන ගන්න බැරී...
පවසන්න නමුත් වචනත් නැතී...
නීරස ලොවේ රසවත් බව පෙන්වාලා
වන මල් ගසා මා වරලස සරසාලා
තුරුලට අරන් මගෙ සවනට මුමුනාළා
පැවසූ වදන් මිහිරී මා සනසාලා....
එක හඳටයි මේ අහසේ ඉඩ ඇත්තේ
සඳ ඔබමයි පෑයූ මගෙ හිත් අහසේ
දහවල නොපෙනුනත් සිටිනා බව දන්නේ
රැය එන තුරුයි මට ඉවසිල්ලක් නැත්තේ....
lassanai.......
ReplyDeleteස්තූතියි යාළුු...
ReplyDelete