මතකය නැමැති සුසානයේ,
සුදු මල් මිටක් සමඟ
අදටත් තනිරකිමි
අසල හිඳගෙන සොහොන් කොත,
කළ කෙරු හැමදේම
සිහියට ගෙන,
හඬමි තවමත් පෙරසේම...
අමතක වීද ඔහුට
ඒ සොඳුරු කාලය,
ඔබ අප අතර රැඳුන...
ඔහුත් ඔබ අසල
තනි රකිනවද මල් නැතත්
මo ලෙසම....
හවුල් කරුවෙකු වූ නිසාද මමත්
අහිoසක ඔබ අද ඇයි
නිහඬ වී මෙලෙස...
නැගිටින්න මඳකට මියැදුනා වුනත්
නැවත පණ දෙන්න,
සිපගන්න හදවත මගේ යළිත්
තව බෑ වැළපෙන්න,
පැමිණෙන්න පෙරසේම සනසන්න
අප සිත් අතර නවතින්න,
අයාලේ මියැදුන අපේ,
කුළුඳුල් අදරය...
ඔබ අමරණීයයි සදා,
අප සිත් තුලම...
හැඟුම් බර නිර්මාණයක්
ReplyDeleteජයම පතනවා!
බොහොම ස්තූතියි....
ReplyDelete