Thursday, November 25, 2010
වරක එමි මා ඔබ සොයා...
මා නොමැති ලොවකට ඔබ හුරු වුනාට,
ඔබ නොමැති මොහොතක් මට එපා...
මා නොමැති සිහිනෙක ඔබ සැතපුනාට,
ඔබ නොමැති නින්දක් මට එපා...
සිතේ දහසක් දේ ඇතත් මට,
කියාගනු බෑ ගොළුවෙලා...
දෙන්න මට තව එක වතාවක්,
හඬමි ඔබ තුරුලට වෙලා...
සවන තුළ රැව් දෙන ඔබේ හඬ,
නෙතු කඳුලු කැට උපදනා...
දුක කියන්නට හදේ තැවෙනා,
වරක එමි මා ඔබ සොයා...
මිතුරියක ලෙස සිටිය අවධියෙ,
ඔබත් මට මිතුරෙකු වෙලා...
කෙරූ සරදම් මතකයේ ඇත,
සුන්දරයි තාමත් එදා...
ගතින් ඈතයි දන්න මුත් මා,
සිතින් ඔබටම ළo වෙලා...
මගේ සිත ළාමක නිසාමද,
අදත් වැළපෙමි ඔබ නිසා...
ඔබ නොමැති ලෝකයක් අභියස,
මා ගොඩක් අසරණ වෙලා...
ඔබ යළිත් එන තුරු බලාගෙන,
හිඳිමි මා මියයන තුරා...
Subscribe to:
Post Comments (Atom)
beautiful.............
ReplyDeleteනිසඳැස ලස්සනයි . .
ReplyDeleteඅවුලකට තියෙන්නේ බැක්ග්‍රවුන්ඩ් එකේ පින්තූරේ නිසා ඇහැට හරි අමාරුයි කියවන්න ...
බොහොම ස්තූතියි.... දැන් කියවන්න පහසුයි නේද...??
ReplyDeleteමගෙ හැම ලිපියක්ම වගේ කියවනවට ස්තූතියී dinesh අයියා ...
ReplyDeletedan hari wage . . .
ReplyDelete