ඔබ නළුවයි, මම නිළියයි
රඟපෑවෙමු සුන්දර වු,
ආදර කතාවක්
යහළු ප්රේක්ෂකයන් ඉදිරියේ...
ගෙවීගෙන යන අතරමග එය,
වරෙක හඬුවෙමු,තවද සිනාසුනෙමු
නිර්මලයි පැවසූ වදන් ඔබ,
එලෙස නාටකය රචනය වුනේ..
ඒ වදන් පිටපත් දෙබස් බව,
මා ඉදිරියේ නළුවා ලෙසින් ඔබ
ඒ කලේ රඟපෑමක්ම බව,
තිරගත වන තුරුත් ඒ නාටකය,
මා නොදන්නේ
ඇයිද මන්දා...
නාටකයක් නොව ජීවිතයයි එය මට මගේ
රඟපෑවා නොව මා එහි ජීවත් වුනා මිස,
නිළියක නොව මා ආදරවන්තියම බව,
නොදැනුනේ ඔබට
ඇයිද මන්දා...
ඉතින් ආදර නළුවානෙනි,
ඔබේ රඟපෑම අතිවිශිෂ්ඨයි
මගේ හද පත්ලෙන්ම මා
ඔබට සුභපතන්නෙමි...
ලෝකය රඟමඩලකි අපි එහි නළුවන් වෙමු !
ReplyDelete"ආදර නාටකය..." හිතට වැදුනා
ජයවේවා !!
ලස්සනයි.........
ReplyDeleteස්තූතියි මිතුරනේ..
ReplyDelete