මොහොත දවසක මිහිරිම
ගෙවන්නේ ඔබ හා මම
ගතවෙන ඒ වෙලාව
හමායයි හරි කලින්ම...
වැකෙන විට මගෙ සවනට
මත්වෙන ඔබෙ කටහඬ
ලෝකෙම මා වටේට
මතක නෑ ඒ වෙලේට...
රෑ අහසේ බබළන
පායන තරු ගානට
හිතෙන වාර එන්නට
දුවගෙන ඔබ ළඟටම...
හිතලම මේ දේ ගැන
හද වෙහෙසයි හොඳටම
එනතුරු ඒ වතාව
බලා ඉන්නේ කෙසේද...
මා අමතක වෙලාද
ආදරෙයි මන් ඔයාට
වචන නෑ පැවසීමට
ඔබ මගේමයි සදහට...
No comments:
Post a Comment