I made this widget at MyFlashFetish.com.

Monday, November 8, 2010

නුඹ සොයනවා...

සුසුම් වැල් රළු වෙලා
හදවත පාරනා
කඳුලු කැට පොඩි වෙලා
දෙකොපුලෙන් බේරෙනා
දෙතොල් අග වියැලිලා
මුව වදන් හිඟ වෙලා
නිසල වු මේ රැයේ
මා අද තනි වෙලා...
සිතේ මහ අඳෝනා
සවනට නොඇසෙනා
ගතම සීතල වෙලා
උණුහුම අයදිනා
මතකයේ හිරවෙලා
සිහිනයන් මියැදෙනා
සසල වු ලෝකයේ
තවම නුඹ සොයනවා....

No comments:

Post a Comment