පියකරුය කටහඬ ඔබේ
රැඳුනු ලෙස සවනත මගේ
කෙසේ හෝ පා කර නලේ
එවනු මැන කුමරාණනේ...
ලෙන්ගතුය උණුහුම ඔබේ
දැනුනු දා දිවියට මගේ
කෙසේ හෝ දිය කර ගඟේ
එවනු මැන කුමරාණනේ...
පිවිතුරුය ආලය ඔබේ
ඇඳුනු සිතුවම මා හදේ
නැවත ඇඳුමට නොහැකි සේ
මැකුවෙ ඇයි කුමරාණනේ...
No comments:
Post a Comment