I made this widget at MyFlashFetish.com.

Saturday, December 4, 2010

යළි උපන්නෙමි...


රළ ගැටෙනා වෙරළ ඉමේ
දුව යන්නට බැරි වුනාට,
තරහක් නෑ මගේ සිතේ
මා ඔසවා නොගත්තාට...

ලොවට කෙසේ කොහොම වුනත්
මගෙ මුළු ලොව ඔබ නිසාම,
හඬනු එපා ඔබේ කඳුලු
මා රිදවයි දන්නවාද...

ඔබට නොවේ පෙම් කෙරුවේ
ලෙoගතු ඒ ආදරේට,
ඔබව නොවෙයි මo පැතුවේ
හදවතමයි ගැහෙන ඔබේ...

එදා වගේ අදත් හෙටත්
පෙම්වතියයි මා ඔබේම,
දුන් පොරොන්දු ඒ ලෙසින්ම
කඩ නොකරමි කිසිම දාක...

සම්පූර්ණ මිනිස් කයින්
අසම්පූර්ණ ක්‍රියා කරන,
අසම්පූර්ණ වුනත් කයින්
ඔබ ළඟ ඇත හැමදෙයක්ම...

මට කියන්න සිත නිවෙන්න
අසා සිටිමි බිය නොවන්න,
ඔබ නොමැතිව දුර්වලයෙකි
දෙපයින් මම නැගිට්ටාට...

ඔබෙ කඳුළැලි පිස දමන්නෙමි
ඔබෙ හසරැලි වැළඳගන්නෙමි
ඔබෙ පෙම් සිත ළඟ රැඳෙන්නෙමි
ඔබ නමින් මා යළි උපන්නෙමි...

4 comments:

  1. ඒ වගේ ආදරයක් .? පුදුමෙනුත් පුදුමයි ..

    ජයවේවා !!

    ReplyDelete
  2. බොහොම ස්තූතියි...

    ReplyDelete
  3. ඇත්තටම මෙහෙම ආදරයක් තියෙනවනම් හරිම අපූරුයි

    ReplyDelete
  4. බොරු කාරයො අදරේ කියන නාමයටත් නින්දා කරන ලෝකෙකෙ, ඇත්තම ආදරයක් වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ යාළුු...

    ReplyDelete