I made this widget at MyFlashFetish.com.

Tuesday, December 7, 2010

පරදයි එය අනන්තය පවා...


යොමන්න ඔබේ නෙත
බලන්න මා නෙත
නැතිවෙලා අවනත
හුඟකලක සිටන්මද...

ඔයා හරිම ලස්සනයි
ඔය මුවින් පවසයි
එවිට සුරoගනා කථාවක මැයි
ජීවත්වන බව හැඟෙයි...

ඔයා මට පුදුමයක් තමයි
යළි යළිත් ඔබ මට කියයි
එකම කෙනා ලොව මමයි
සිතෙයි එවිට බොරු නොවෙයි...

මම ඔයාට හරි ආදරෙයි
පිටු පුරාවට ඔබ හැඩ දමයි
තැනින් තැන බොඳ වෙලා ඇයි
බිඳු කඳුළු කැට තතු කියයි....

දරා ගනු බෑ නෙතට
කඳුලැළි නැගෙන තරමට
ඔබේ ඒ සෙනෙහසට
සිත හඬපුදෙන් හෙටට...

ඔබ හා මා සෙමින් සිනා
ගතකල හැම මොහොතක් පුරා
දුරස් බව ගෙනේ මා සිත කරා
පරදයි එය අනන්තය පවා...

3 comments:

  1. "පරදයි එය අනන්තය පවා"

    හරිම ලස්සනයි.....

    ReplyDelete
  2. ගොඩාක් ස්තූතියි...

    ReplyDelete