I made this widget at MyFlashFetish.com.

Friday, April 8, 2011

සිනහසෙමි....

සිනහසෙමි
හැඬුමට බැරි නිසා නොව,
හැඬුම නවතගනු බැරි බැවිනි...
මඟ බලමි
ඔබ එයි කියා නොව,
දැකීමටවත් ලැබෙන බැවිනි...
ඔබ දෙස බලමි
ඔබ සිනහසෙයි කියා නොව,
අහක නොබලයි සිතන බැවිනි...
බලාපොරොත්තු පොදි බඳිමි
මා උදෙසා නොව,
ඔබ මගේම වෙනු සිතෙනි...
ජීවත්වෙමි
මියයනු බැරි නිසා නොව,
මියැදුනොත් ඔබ මට නැතිවන බැවිනි...

2 comments:

  1. ජීවිතය දකිමි මම
    නුඹ නිසාම
    හැරයන්නට නොහැකි තැන..
    සිහින දකිමි මම
    නුඹ ගැනම
    දෙනෙත් අද්දර මැවෙන හින්දම..

    ReplyDelete