I made this widget at MyFlashFetish.com.

Friday, April 1, 2011

ඉදිරියට මා නො එනු...!!

නෙතු කොනේ රැඳුනු
මගේ බිඳු කඳුළු
ළඟම ඔබ වැටෙනු
කෙලෙද නුඹ නුදුටු..

තුටු සිනා පොකුරු
ලොවට මගෙ දුන්නු
සිහින ළඟ නිදි මරපු
නුඹම දැයි ඒ කුමරු..

වසා සියලුම දොරටු
දමා දම්වැල් අගුළු
නොහැක සිරකර තබනු
සිත මගේ ඔබ බිඳපු..

දෙවැට මල් පිපුනු
ගඟුළ පා දොවපු
සිසිල දුන් රස වෙරළු
මතක මoපෙත් අහුරු..

සොඳුර නුඹ ඇයි නපුරු
ලොවම කල මා අඳුරු
අවට පෙනෙනා මුහුණු
මදෙස බලනා අයුරු..

මතක නැති කෙරෙනු
සෙනෙහෙ මම පුදපු
ඔබ මගේමයි ලියපු
වදන් පෙළි මකනු.. 

ඔබ නමින් ඒ තනපු
පෙම නමින් යළි පතමු
අහම්බෙන් වත් කිසිදු
ඉදිරියට මා නො එනු...!!

4 comments:

  1. සෙනහස අප පතපු
    සිහිනයක්ව මැකී ගියපු
    දෑසින් වැටෙන කඳුළු
    පිසලන්නෙ කෙලෙස කියනු..

    ආදරේ ගී කියපු
    නුඹම නික්මී ගිය අයුරු
    අතැර සිහිනෙන් අප දැකපු
    වාවන්නේ මම කෙලෙස කියනු..

    ReplyDelete
  2. ඇත්තටම කොහොමද ඒ විදිහටම ලස්සනට ලියන්නෙ දිනේෂ් අය්යේ....???

    ReplyDelete
  3. ඔයාගේ නිර්මාණය ලස්සනයි.. එකයි පිළිතුරත් ලස්සනට ලියවෙන්නේ...

    ReplyDelete
  4. බොහොම ස්තූතියි දිනේෂ් අයියේ...

    ReplyDelete