හමුවෙලා යහලුවන් මගතොට
මගෙන් නුඹ ගැන අහනවා
සිහිවෙලා නුඹ නෙතින් වෑහෙන
කඳුලු බිඳු මම ගනිනවා..
මගේ කඳුලට සාප කර කර
ඔයා තව උඩ පනිනවා
ඇයත් නුඹ හැර ගියපු දවසක
ඔයත් මේ දුක විඳිනවා..
ජීවිතේ ඔය දෑත් මත තැබු
මගේ සිත ඔබ දන්නවා
ඔයා ඒ හිත මත්තෙ මැරුනට
ඔයා ගැන මම හොයනවා..
එයා ඔය හිත රැවැට්ටුව බව
ඔයා අද හෙට දකිනවා
ඇයගෙ ඇසුරෙන් මිදුනු දවසක
මගේ ළඟ ඉඩ තියෙනවා..
ලස්සනයි!
ReplyDeleteහැබෑ ආදරයක්. හරි ලස්සනයි.
ReplyDelete"ඇයගෙ ඇසුරෙන් මිදුනු දවසක
ReplyDeleteමගේ ළඟ ඉඩ තියෙනවා.."
එහෙම ඉන්න පුලුවන් ගොඩක් උතුම් හදවතක් තියන කෙනෙකුට විතරයි. හැබැයි එහෙම අයට ගොඩක් වෙලාවට අන්තිමට උරුම වෙන්නෙත් දුක විතරයි.
මගේ කඳුලට සාප කර කර
ReplyDeleteඔයා තව උඩ පනිනවා
ඇයත් නුඹ හැර ගියපු දවසක
ඔයත් මේ දුක විඳිනවා..
ආදරේ කර හිතකින් සාප කරන්නත් පුලුවන්ද ? :DD
කවි පේලි ගොඩාක් ලස්සනයි.පුරුදු බවක් දැනුනා
සොයා එන තුරු මගේ ලෝකෙට
ReplyDeleteසිහිනයෙන් මම නුඹ දකිනවා
කුළුදුලේම නුඹට පිදු හිත
පෙර සේම මා ලග තියෙනවා...
බොහොම ස්තූතියි ඉන්දික..
ReplyDeleteබොහොම ස්තූතියි දයියා...
ReplyDeleteඔව්.. ඒක ඇත්ත කසුන්..බොහොම ස්තූතියි
ReplyDeleteආදරේ කරපු හිතකට සාප කරන්න පුලුවන් අය ගොඩක් ඉන්නවා පබලු..
ReplyDeleteබොහොම ස්තූතියි..
මගේ කවි නිතරම කියවන දිනේශ් අයියටත් බොහොම ස්තූතියි...
ReplyDeleteලස්සනයි නගෝ....ඒ ආදරේට ගරු කරනවා....බොහොම අගෙයි...
ReplyDeleteබොහොම ස්තූතියි Iresha Dias..
ReplyDelete