I made this widget at MyFlashFetish.com.

Sunday, February 5, 2012

නොපවතින දෙයකි මතූ...

මල් අසල සැරිසරන
රොන් සොයන බඹරුනට
පැහැය ගඳ සුවඳ වැනි
කුමකටද මලක හැටි...

ආලය නමින් හිඟන
අහිoසක සිත් සමඟ
රඟන වනචර කාම යකුනට
රැවටෙනුද ඇයි දැන දැනම...

මුදලට හැම දෙයම යට
ගත නොහැකි දෙයක් නැත
සිත් හැඟුමන් වහල් කර
මුදල රජවෙයි සෑම විට...

දිවිපුරා සිහින සැදූ
පරම පෙම පෙරුම් පිරූ
ක්ෂිතිජය ලෙසින් දුටූ
නොපවතින දෙයකි මතූ...

6 comments:

  1. ආදරය සල්ලි වලට මිල කරන අයත් අපි අතර ඉන්නවා.. ලස්සන් කවියක්.. ගොඩක් කාලෙකින්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දිනෙෂ් අයියේ...

      Delete
  2. හප්පේ ඒ මොකද ඒ....

    ReplyDelete
    Replies
    1. අද ඇත්තම අදරයක් හොයාගන්න අමාරුයිනෙ..

      Delete
  3. අදහස ලස්සනට කවියට අරන් තියනවා.......
    අද කාලේ ගොඩක් දක්කින පුලුවන් දෙයක් සල්ලි වලට ගොඩක් දේවල යටවෙන එක....

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත බීටා...බොහොම ස්තූතියි

      Delete