I made this widget at MyFlashFetish.com.

Friday, December 10, 2010

පිවිතුරු පෙමට තණ්හාවක් කොහින්ද....


මා අභියස සතුටු සිනා මවන්න
සිත ඇතුලෙන් වැඩිපුර තව හඬන්න
මටනම් නොහැක තවදුරටත් ඉවසන්න
අවසර දෙන්න අදවත් මට සමුගන්න...

රුව මා ළඟින් මගෙ නෙතු සැනසුවාට
ඔබෙ තවමත් සිත ඇය ළඟ නොවේද
සිතුවට රැවටුනා නොව ඔය නාටකේට
කල් දුන්නා පමණයි හිත හැදෙන්න..

බලෙන් නොවේ ආලය මිස ලබන්න
හැක්කේ එලෙස පමණක් බව සිතන්න
තරහක් නෑ සිතේ ඔබ යළි නො එන්න
මා අමතක කර දැන් ඇය වෙත ඇදෙන්න...

පෙම් කරනා තරමට සිත පත්ලෙන්ම
වෛර කරමි මා හට මම එ තරම්ම
ඇය ළඟ ඇති මා ළඟ නැති කුමක්ද
පවසනු මැනවි එයවත් හේතුවක්ද...


සඳ අහසට බව අයිතිය දැනෙන්න
මතුවට වුනත් රෑ අහසෙම පායන්න
යළි දවසක ඒ සඳ මට නොපෙනෙන්න
නොවටින දෑස මින්පසු අඳ වී යන්න...

සිනහවනම් ඇගෙ හැම සතුටක්ම ඔබේ
ඔබෙ සිනහව වේ හැම පැතුමක්ම මගේ
ඔබ වෙනුවෙන් දුකටත් මුව හිනැහෙන්නේ
නොපෙනෙන වියරු සිත මාගේ වැළපෙන්නේ...

යන එන මගක හෝ අප හමුනොවන්න
දැනුත් පතන්නේ අහිතක් නොසිතන්න
කිමද යළිත්  ඔය වත දුටු සැනින්ම
මා තව වරක් මියයන බව සැකයිද...

වෙස්සන්තර කථාව මට කියන්න
දන්දුන්නේ බිසවුන් මොන හිතින්ද
පිවිතුරු පෙමට තණ්හාවක් කොහින්ද
ශක්තිය දෙන්න ඔබ අමතක කරන්න...

7 comments:

  1. Lov is always patient n kind. It is never jealous. its never boastful or conceted. Its never rude or selfish. It doesn't take pleasure in other peoples sins, bt delights in da truth. Its always ready to excuse, to trust, to hope, and to eudure whatever comes.if u find dis kind of love ur so lucky....

    ReplyDelete
  2. ලස්සනයි තුශාරා......

    ReplyDelete
  3. බොහොම ස්තූතියි දිනේශ් අය්යේ...

    ReplyDelete
  4. ඔච්චර හැගීම් බර වෙන්න එපා දරාගන්න බැරි වෙයි.

    ReplyDelete
  5. හ්ම්ම් ඇත්තටම ලස්සනයි

    ReplyDelete
  6. @ sameera _ මොකද ඉතිo කරන්නෙ? මගෙ හැටි එහෙමනෙ යාලූ ..
    @ ayesha _ බොහොම ස්තූතියි යාලූ....

    ReplyDelete