I made this widget at MyFlashFetish.com.

Saturday, January 8, 2011

ආදර නටඹුන්...


ඔබේ ආදරය නටඹුන් වුන,
දසත විසිරී තැනින් තැන
ඇනී හදවත පුරාවට,
අඩුවක් නැතිද තවමත්
ගෙන එන මහත් වේදනාවට...
නව වසරක් උදාවී නමුත්,
ගෙවී අවසන් දින කිහිපයකුත්
කරනු අමතක හැකිද එනමුදු,
ගෙවී ගිය වසරේ දෙයක්...
වාරයක් පාසා මතකයට නැගෙන
පැහැරි පැහැරී රිදුම් දෙන,
සුව නොවෙන්නේ ඇයිද මන්දා
හදවතේ රැඳුනු ඒ තුවාලය...
උත්සහයටත් වෙහෙසක් දරා
වෙහෙසයි නමුත් නොහැකිය සිතා,
මැකී යනු ඔබ සිතින් පතා
තව තවත් ඔබ සිතෙහි සදා....

3 comments:

  1. අලුත් අවුරුද්දෙ,අලුත් බලාපොරොත්තුවක් ඇති කර ගමු.

    ReplyDelete
  2. නටබුන් ආදරයක
    කැටපත් පවුර
    කුරුටුගාන
    තෙලි තුඩට
    අදරේ දිය බිඳක්
    දොතින් පුදන්නම්

    ReplyDelete