I made this widget at MyFlashFetish.com.

Wednesday, March 23, 2011

ඔබේ සිත මා ගාව...


මම දන්න ඒ රහස,
යළි යළිත් මුමුණන්න
ඉකිබිඳින පාලු රැය,
හෙමි හෙමින් එළි වෙන්න...

සඳු ළඟම තනි රකින,
දිළිහෙනා තරු සේම
ඔබ ඉන්න මා ළඟම,
මගෙ දිවියෙ හැමදාම...

පා සිඹින රළ වෙරළ
නොම නැවතෙනා සේම,
දිවි පුරා මුලු සසර,
නොනැවතී ඔබ එන්න...

ළඟ අසල නැති විටෙක,
මා සොයා එනවාද
මගෙ අඩුව දැනෙන කල,
ඔබේ සිත මා ගාව...

4 comments:

  1. ඔබ ඉන්න මා ලගම
    සෙවනැල්ල වී සසර
    නෙතු ලගම මම ඉන්නම්
    සිහිනයක් නොවී නුඹට...

    ReplyDelete
  2. හරිම ලස්සන පද පේළියක් දිනේෂ් අය්යේ.. බොහොම ස්තූතියි...

    ReplyDelete